විජිත හේරත් නිදහස ජනතා සභාවට..

Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Sep 20, 2022 01:35 AM GMT
krishani

krishani

Report

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාව සමඟ එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන විජිත හේරත් මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු වගකීම්වලින් ඉවත් වී නිදහස ජනතා සභාව හා එක් වී ඇති බව සඳහන් වේ.

ඊයේ (19) නාවල තුන් වැනි පටුමඟ කාර්‍යාලයේ දී ජී.එල් පීරිස්, ඩලස් අලහ්ප්පෙරුම ඇතුළු මංත්‍රී කණ්ඩායම හමු වී, විජිත හේරත් නිදහස ජනතා සභාවට සහාය දැක්වීමට සිය එකගතාව පළ කළ බව යි වාර්තා වන්නේ.