දකුණම භීතියෙන් කැළඹුණු..තරුණ බිරිඳගේ ඝාතනය

sinhala gossip sinhala news srilanka news wifemurder
By Sewvandhi Nov 11, 2021 06:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාතර මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (10) අලුයම තම බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර නැන්දම්මාට ද පොල්ලකින් පහර දී තුවාල සිදු කර ඇතැයි මාලිම්බඩ පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ ගීතානි කලුආරච්චී (33) නැමැති එක් දරු මවකි.ඇය ඇගලුම් සේවිකාවක ලෙස රැකියාව කර තිබෙන බව කියයි .

මෙම අපරාධයෙන් පසු යුද හමුදාවෙන් පලා ආ සෙබලෙකු බව කියන ඇගේ සැමියා තම අවුරුදු දෙක හමාරක් වයසැති දරුවාද රැගෙන එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබු අතර පසුව ඔහු මොරවක පොලීසිය වෙත පැමිණ බාර වී තිබුණි.

පවුල් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී තිබෙන බව පොලීසිය සදහන් කරයි.

හිසට තුවාල සිදුව ඇති 54 හැවිරිදි නැන්දම්මා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටී.ඝාතනයට ලක්වු කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

සැක පිට අත් අඩංගුවට ගත් සැකකාර සැමියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මාලිම්බඩ පොලීසියේ ස්ථානාධිපති ජේ.සී.අලවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now


ReeCha