භූත මන්දිරේ දී බිරිද යකා නටයි .දීගේත් ඉවරයි !
භූත මන්දිරයකින් දීගය අවසන් වෙච්ච පුවතක් අසන්නට ලැබෙනවා . මේක වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ එක්තරා ගමකින්.
සිද්ධිය මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. මේ තරුණයා සහ තරුණිය විහාව වෙලා තියෙන්නේ යෝජිත විවාහයකින්. තරුණිය නිතර තමන්ගේ සැමියා ගැන සැකයෙන් තමයි ඉඳලා තියෙන්නේ.
දෙන්න අතර නිතර සුළු සුළු ගැටලු ඇති කර ගෙන තියෙනවා. කොහොම හරි තරුණියට වඩා තරුණයා රූමත්. ඉතින් එකත් මේ තරුණියට ගැටලුවක් වෙලා තිබ්බා. කොහොම හරි තමන්ගේ සැමියට වෙන කාන්තාවක් ඉන්නව ද කියන සැකය ඇයට නිතරම තිබිලා තියෙනවා.
මේ දෙන්න විවාහ වෙලා හිටියත් දරුවෝ නම් ඉදල නෑ. ඒකට හේතුව වෙලත් තියෙන්නේ මේ තරුණියගේ ක්රියා කලාපයම තමා. තරුණයා හිතල තියෙන්නේ මේ හැසිරෙන විදියට කවද හරි වෙන් වෙන්න උනොත් දරුවන් දුක් විදිනවා කියල .
ඉතින් මෙහෙම බලද්දී මේ තරුණයා ගෙවල තියෙන්නේ දුක්ඛිත ජීවිතයක් .
කොහොම හරි මේ පාර වෙසක් පෝයට දෙන්න වෙසක් බලන්න ගිහින් තියෙනවා. ඉතින් ඒ අතර තුර දෙන්න භූත මන්දිරයක් බලන්නත් ගිහින් තියෙනවා.
එතන තමා හොදම සිද්ධිය වෙලා තියෙන්නේ.
භූත මන්දිරයට ගියාට පස්සේ මේ තරුණයාට ඔහු කලින් යාළු වෙලා හිටපු පෙම්වතිය මුණ ගැහිලා තියෙනවා . හැබැයි ඒ වෙනකොට මේ තරුණිය විවාහ වෙලා තමයි හිටියේ. තව ඇයට දරුවෙකුත් ඉන්නවා. ඇයගේ සැමියා විදෙස් ගත වෙලා ඉන්න හන්ද දරුවත් එක්ක තනිව ම තමයි ඇවිල්ල තියෙන්නේ භූත මන්දිරය බලන්න.
කොහොම හරි මේ දෙන්න මැද්දට අපු එයාලගෙ ම කලින් යෙහෙළියක් කට පුරාම කිව්වලු “ අනේ කොහොමද ?ඉතින්, පුතානම් මෙයා වගේම " යි කියල.
හිතාගන්න පුළුවන්නේ....... එතනින් එහාට උනේ මොකක්ද කියලා.
යෙහෙළිය හිතන් ඉදල තියෙන්නේ පැරණි පෙම්වතුන් දැන් විවාහ වෙලා කියල. මේක ඇහුණ සැණින් ක්රියාත්මක වූ තරුණයාගේ බිරිඳ ආවේශ වෙලා තියෙනවා භූත මන්දිරයේ හිටපු යක්ෂ නළුවන් පැරදෙන්නම.
අතේ තිබ්බ කුඩෙන් තරුණයට දිගට හරහට පහර දෙන්න පටන් අරන් හරියට ආරූඪ වුන යකැදුරෙකු වගේ .
අසල හිටපු භූත මන්දිරයේ මහසෝනා දෙවියෙක් වගේ තරුණයා බේරා ගන්න ඉදිරිපත් වෙද්දි මහසෝනාටත් දෙවියන් සිහිපත් වෙන්නම ඇය නෙළන්නට පටන් ගෙන තියෙනවා.
අවසානේ ඉතින් හැම දේම අතෑරලා මහ ගෙදර ගිහිල්ල පස්සේ දවසේ නීතිඥවරයකු හම්බෙන්න ගිහින් තියෙනවා මේ තරුණයා.
