කන්නේ මොනවද? ලුණුත් 400යි... එළවලුත් ගණන් වැඩි

Report

වෙලදපලේ එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගිකයන් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වී තිබෙනවා.

බොහෝ එළවලු වර්ගවල කිලෝවන මිල රුපියල් දහස ඉක්මවා ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එලවළු වෙලදුන් පවසන්නේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් මත එලවළු වගාවන් විනාශයට පත් විමත් සමග මේ වන විට එලවළු හිගයක් පවතින බවයි.

එම තත්ත්වයන් මත එලවළු තොග මිල ඉහල යාමෙන් මෙම තත්ත්වයන් උදාවි ඇති බවත් ඔවුන් පවසන්නේ.

මේ අතර දිවයිනේ මේවන විට ආහාරය සඳහා භාවිත කරන දිය ලුණුවල මිල ඉහල යමින් ඇති බව වාර්තා වනවා. ඒ අනුව දිය ලුණු කිලෝවක මිල රුපියල් 400 දක්වා ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රෑ වෙද්දී කකුල ගොඩක් රිදෙනවද? මෙහෙම කරන්න... (PHOTO)

රෑ වෙද්දී කකුල ගොඩක් රිදෙනවද? මෙහෙම කරන්න... (PHOTO)