'විකෘති ආදර’ විවාහ කර ගත්තොත් වෙන්නේ මේකයි
ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල මහතා, වර්තමානයේ තරුණ තරුණියන් අතර තිබෙන "විකෘති ආදරය" නිසා විවාහ ගිවිසගන්නා අයගෙන් සියයට 35ක් දික්කසාද වන බව ප්‍රකාශ කරයි.
එසේම ඔහු සඳහන් කළේ මේ රටේ තරුණ ප්‍රජාව අතර ව්‍යාප්ත වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය ජාලය "බූවල්ලෙක්" සේ ක්‍රියාකරමින් තරුණ පරම්පරාව බිලිගනිමින් සහ අයිස් කම්හල් දක්වා වර්ධනය වෙමින් පැවතීම, අපේ උරුමයට බරපතළ බලපෑමක් එල්ල කර ඇති බවයි. අධ්‍යක්ෂකවරයා මෙම අදහස් පළ කළේ මාතලේ නාඋලදී පැවති යොවුන් කඳවුරකදීයි.
එසේම එහිදී දේශපාලන මතිමතාන්තරවලින් තොරව නිවැරදි මඟ පෙන්වීම ලබා දීමට ජාතික යොවුන් සේනාංකය සූදානම් බවද ඔහු දන්වා සිටියා.
එසේම ඔහු තරුණ ප්‍රජාවට අවධාරණය කළේ "මේ ගමන හරියට නොගියොත් රට පමණක් නොවෙයි ඔබත්, පවුලත්, සමාජයත් බරපතළ ඛේදනීය විනාශයට පත්වන බව අමතක නොකරන්න" යනුවෙන්.
කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම ආරම්භ කළ බවත්, රටපුරා සියලුම තරුණ තරුණියන් හමුවී නිවැරදි මග පෙන්වීම කිරීමට යොවුන් සේනාංකය සූදානම් බවත් අධ්‍යක්ෂකවරයා පැවසුවා.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රටට ආදරය කරන, විනය හා පෞරුෂත්වයෙන් පිරුණු දේශප්‍රේමීන් බිහිකිරීම සිය අරමුණ බවයි.
මේ අතර යොවුන් සේනාංකයේ ප්‍රධාන අරමුණ ලෙස වයස අවුරුදු 16-28 අතර මිලියන 5.8ක් වන මෙරට තරුණ ජවය, අනාගත රට ඉල්ලන ජව සම්පන්න පිරිසක් බවට පත්කිරීම බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙම නාඋල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී පැවති දෙදින (ඔක්තෝබර් 18-19) යොවුන් කඳවුරට මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරාගත් තරුණ තරුණියන් 250 දෙනෙකුගේ සහභාගී වූ අතර මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් රැසක් ද එක්වුණු බව සඳහන්.