හැන්ටා වෛරසය ගෝලීය වසංගතයක් වීමේ අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

Report

කෲස් නෞකාවකදී වාර්තා වූ හැන්ටා වෛරසය පැතිරීම වසංගතයක ආරම්භයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයහි බෝවන රෝග පිළිබඳ වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කර්කොව් මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, හැන්ටා වෛරසය COVID-19 වැනි ව්‍යාප්ත වන ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස සැලකිය නොහැකි බවයි. එය සාමාන්‍යයෙන් “සමීප හා සෘජු සම්බන්ධතා” හරහා පමණක් පැතිරෙන වෛරසයක් බවද ඇය පැහැදිලි කළාය.

මෑතකදී ලන්දේසි කෲස් නෞකාවක් වන MV Hondius නෞකාවෙන් ගොඩබැස්ස පුද්ගලයින් අතරින් දුසිම් ගණනක් සෞඛ්‍ය බලධාරීන් විසින් පරීක්ෂා කරමින් සිටී.

ආයෙත් ලෝකෙම අඳුරට? කොරෝනාවට නොදෙවෙනි හැන්ටා වෛරසය - තවත් ආසාදිතයන් 3ක් මතුවෙයි

ආයෙත් ලෝකෙම අඳුරට? කොරෝනාවට නොදෙවෙනි හැන්ටා වෛරසය - තවත් ආසාදිතයන් 3ක් මතුවෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා අනුව, හැන්ටා වෛරසය ආසාදනය වී ඇති බව සැක කෙරුණු රෝගීන් අට දෙනෙකුගෙන් පස් දෙනෙකුගේ ආසාදනය මේ වන විට තහවුරු වී ඇත. එමෙන්ම, ආසාදිත 69 හැවිරිදි ලන්දේසි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.

හැන්ටා වෛරසය සාමාන්‍යයෙන් මීයන් වැනි කෘමීන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වෛරසයක් ලෙස හඳුනාගෙන ඇත. කෙසේ වෙතත්, නවතම දත්ත අනුව මිනිසුන් අතර සම්ප්‍රේෂණය සිදුවූ පළමු අවස්ථාව මෙය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

එහෙත්, වෛරසය COVID-19 වැනි වේගවත් හා පුළුල් ව්‍යාප්තියක් ඇති වසංගත තත්ත්වයක් බවට පත්වීමේ අවදානමක් නොපවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ලෝකයම භීතියට පත් කළ කොරෝනා මතකය අලුත් වෙයි - සුඛෝපභෝගී නෞකාවක මාරාන්තික හැන්ටා වෛරසය පැතිර යයි

ලෝකයම භීතියට පත් කළ කොරෝනා මතකය අලුත් වෙයි - සුඛෝපභෝගී නෞකාවක මාරාන්තික හැන්ටා වෛරසය පැතිර යයි