කොවිඩ් වලට වඩා භයානක MU නමින් තවත් වෛරසයක් - WHO අනතුරු අගවයි

who virus covid 19
By Sithumi Sep 02, 2021 04:19 PM GMT
Sithumi

Sithumi

Report

COVID-19 වෛරසයේ MU නමින් හැදින්වෙන නව ප්‍රභේදයක් සම්බන්ධයෙන් තමන් මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. පසුගිය ජනවාරි මාසයේදී කොලොම්බියාවේදී ප්‍රථම වරට මෙම ප්‍රභේදය හමුවී තිබේ.මෙම MU නම් ප්‍රභේදය B.1.621 ලෙසින් නම් කෙරී තිබේ.

මෙය අද වනවිට වැඩි අවධානයකට ලක්ව තිබෙන ප්‍රභේදයක් ලෙසින්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හඳුන්වාදී ඇත. විශේෂයෙන්ම මෙම ප්‍රභේදය සතුව එන්නත්වලට එරෙහිව ක්‍රියාකාරිවීමේ අවදානමක් පවතින බව ඔවුන් පවසයි. එසේම ඉදිරියේදී සිදුකරන අධ්‍යයනය හරහා මෙම ප්‍රභේදය පිළිබද වැඩිදුර තොරතුරු දැනගත යුතුව ඇතැයිද ඔවුන් සඳහන් කරයි."මෙම MU ප්‍රභේදය ඉතාමත් ඉක්මනින් විකෘතිතාවට පත් වෙනවා.

ඒ හරහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙත දරුණු ලෙස පහරදීමේ හැකියාවක් පවතිනවා.” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ඒ අනුව මෙම නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග යළිත් වටයකට ලොව පුරා මෙම වසංගතය සම්ප්‍රේෂණය වී ඉහළ ආසාදිත අනුපාතයක් වාර්තා වනු ඇතැයි අනතුරු අගවා තිබේ. ඒ අතරතුරදීම ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයෙන්ද දැනටමත් ලොව පුරා තර්ජනයක් මතුව තිබෙන බවත්, විශේෂයෙන්ම එන්නත්කරණය සිදුකර නොගත් පිරිස් අතර එහි අවදානම ඉහළ බවත් පැවසෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now