හිතුවෙවත් නැති කෙනෙකුත් ඒ අතර..ජනපතිවරණයේ වියදම් වාර්තාව නොදුන් කවුරුත් හොයන තිදෙනා මෙන්න..

Election Commission of Sri Lanka Election Local government Election
By Sewvandhi Oct 14, 2024 09:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ගෙන් 38 දෙනාගෙන් 35 දෙනෙකු වියදම් වාර්තා ලබා දී තිබූ බවයි.

වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ වියදම් නියාමන පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි, සභාපතිවරයා කියා සිටියේ.

ජනාධිපතිවරණයට අදාළ වියදම් වාර්තා මෙතෙක් ලබා දී නොමැත අය වන්නේ පුජ්‍ය බත්තරමුල්ලේ සිලරතන හිමියන්, පී. අරියනේත්‍රන් ,සරත් කීර්තිරත්න ය.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ට සහ පක්ෂවලට සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට භාර දීමට ලබා දී තිබූ දින 21ක කාල සීමාව අවසන් වුණා.