ගුරු වර්ජනය මානව හිමිකම් කොමිසමට..පියෙකු කළ වැඩේ..?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අතර අද විශේෂ හමුවක් පැවති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සදහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කළ බවට ඊයේ තමන් වෙත දැනුම් දුන් බවයි.
මේ අතර, පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පිරිසක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට අද පැමිණියා.
අනතුරුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡාවක නිරත වුණා.
එමෙන්ම, පාසල් සිසුවෙකුගේ පියෙකු අද මාතර මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ගුරුවරුන් ආරම්භ කර ඇති වර්ජනයට එරෙහිවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


