ඉතා දුර්ලභ ගණයේ සත්වයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි..(PHOTOS)
කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ මන්දකට හසුවී අසාද්‍ය තත්වයේ සිටි දුර්ලභ ගණයේ ඇලි(සුදු) ඉත්තෑවෙකු හමුවී තිබෙනවා.
කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ එම්.පියතිස්ස මහතාගේ නිවස අසලට මන්ද සමග පැටලී පැමිණ සිටි මෙම ඉත්තෑවා පිළිබදව ඔවුන් විසින් උඩවලව වනජීවි කාර්යාලයට දැනුම්දී ඇත.
වහා ක්‍රියත්මක වූ වනජීවී නිළධාරීන් එම ස්ථානයට පැමිණ මන්දෙන් මුදාගත් මෙම සුදු ඉත්තෑවා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් රදවාගෙන ප්‍රතිකාර ලබාදෙමින් සිටී.
මෙම සුදු ඉත්තෑවාට ප්‍රතිකාර ලබාදෙන උඩවලව වනජීවී කලාපය භාර විජිත පෙරේරා මහතා සදහන් කරන්නේ, මෙවන් සත්වයෙකු හමුවීම ඉතාමත් දුර්ලභ තත්වයක් බවත්, මෙම සතා මන්දෙන් මිදීම සදහා ගන්නා ලද උත්සාහයකදී එයට සිරවීමෙන් ගැඹුරු තුවාලයක් ඇතිවීම හා තිබෙන තැලුම් නිසා ඉතා සූක්ෂමව ප්‍රතිකාර සිදුකරමින් සිටින බවයි.
ඉත්තෑවාට ප්‍රතිකාර දෙමින් කූඩුවක රදවා තිබෙන අතර සුදු ඉත්තෑවාගේ තත්වය නිරීක්ෂණය තරමින් ඉදිරියේදී ප්‍රතිකාර කරන ආකාරය හා ඒ තත්වය තීරණය කරන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



