ප්‍රවේසමෙන් කටයුතු කරන්න. කාලගුණ දෙපාර්තමේන්තුවේ දැඩි අනතුරු ඇඟවීමක්

Sri lanka whether report
By Sithumi Oct 26, 2021 11:44 AM GMT
Sithumi

Sithumi

Report

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. 

 ඒ අනුව සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

අකුණු හා ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්හි දී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.