ඔබේ දත්ත ආරක්ෂිතද? WhatsApp ගැන ඇහෙන අලුත්ම කතාව

Report

වට්ස්ඇප් යෙදුම එන්ඩ්-ටු-එන්ඩ් එන්ක්‍රිප්ෂන් (end-to-end encryption - E2EE) භාවිතා කරන බව මෙටා (Meta) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙයින් අදහස් වන්නේ ඔබ එවන පණිවිඩ, කෝල්ස්, මීඩියා ආදිය කියවිය හැක්කේ ඔබ සහ ලබන්නා පමණක් බවයි – මෙටාට හෝ වට්ස්ඇප්ට පවා ඒවා කියවීමට නොහැකි බවයි.

ඔබේ දත්ත ආරක්ෂිතද? WhatsApp ගැන ඇහෙන අලුත්ම කතාව | Whatsapp Safety Under Us Investigation

කෙසේ වෙතත්, 2026 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණයකදී ගොනු කළ ක්ලාස්-ආක්ෂන් නඩුවකදී (class-action lawsuit) මෙටාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා. නඩුවේදී කියැවෙන්නේ මෙටා සහ වට්ස්ඇප් "පරිශීලකයින්ගේ 'පෞද්ගලික' යැයි කියන සංවාදවලින් විශාල කොටසකට ප්‍රවේශ වීමට හැකියාව ඇති" බවයි. එසේම, නොනම්කරන ලද "විස්ල්බ්ලෝවර්ස්" (whistleblowers) මගින් ලබාදුන් තොරතුරු මත පදනම්ව, මෙටා සේවකයින්ට අභ්‍යන්තර ක්‍රමවේදයක් හරහා පණිවිඩ කියවීමට හැකි බව චෝදනා කෙරෙනවා.

ඔබේ දත්ත ආරක්ෂිතද? WhatsApp ගැන ඇහෙන අලුත්ම කතාව | Whatsapp Safety Under Us Investigation

මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ (US Department of Commerce) නිලධාරීන් විමර්ශනයක් කර ඇති බව Bloomberg වාර්තා කර තිබෙනවා (2026 ජනවාරි අගභාගයේ). මෙම විමර්ශනය "Operation Sourced Encryption" ලෙස හැඳින්වෙන බවත්, පෙර මෙටා කොන්ට්‍රැක්ටර්ස්ලාගේ චෝදනා මත පදනම් වූ බවත් සඳහන්. කෙසේ වෙතත්, වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මෙම චෝදනා "unsubstantiated" (පදනම් විරහිත) බව පවසා තිබෙනවා.

ඔබේ දත්ත ආරක්ෂිතද? WhatsApp ගැන ඇහෙන අලුත්ම කතාව | Whatsapp Safety Under Us Investigation

මෙටාගේ ප්‍රතිචාරය:

  • මෙටා ප්‍රකාශක Andy Stone පැවසුවේ මෙම චෝදනා "categorically false and absurd" (සම්පූර්ණයෙන් අසත්‍ය සහ මුළාකාරී) බවයි.
  • වට්ස්ඇප් Signal protocol භාවිතයෙන් වසර 10කට වැඩි කාලයක් එන්ඩ්-ටු-එන්ඩ් එන්ක්‍රිප්ට්ඩ් බවත්, සේවකයින්ට හෝ කොන්ට්‍රැක්ටර්ස්ලාට පණිවිඩ කියවීමට නොහැකි බවත් ඔහු අවධාරණය කළා.
  • මෙම නඩුව NSO Group (Pegasus spyware නිර්මාණකරුවන්) සඳහා සහාය වීමේ උත්සාහයක් බවත්, එය "frivolous work of fiction" බවත් මෙටා පවසනවා. (මෙටා පෙර NSOට එරෙහිව නඩුවක් ජයග්‍රහණය කර ඩොලර් මිලියන 167ක වන්දියක් ලබාගෙන තිබෙනවා.)

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

විශේෂඥයින්ගේ මත:

  • සමහර ක්‍රිප්ටෝග්‍රැෆර්ස්ලා සහ ප්‍රයිවසි ලෝයර්ස්ලා මෙම චෝදනාවලට සැකයක් එල්ල කර තිබෙනවා – ඒවායේ තාක්ෂණික සාක්ෂි (technical evidence) නොමැති බවත්, නඩුව "weak" බවත් පෙන්වා දෙනවා.
  • වට්ස්ඇප් මෙටාඩේටා (metadata - කවදා, කා හා කොහෙද කතා කළාද ආදිය) රඳවාගෙන ඇති බව සත්‍යයි, නමුත් මෙය පණිවිඩ අන්තර්ගතය (content) නොවෙයි.

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න