වට්ස්ඇප් යෙදවුමට අලුත් අංගයක් එකතු වෙයි..ඔයත් මේදේ කරල බලන්න.

Sri Lanka Institute of Information Technology WhatsApp Sri Lanka Social Media Meta
By Aruna May 23, 2023 12:28 AM GMT
Aruna

Aruna

Report

මෙටා (Meta) සමාගම විසින් වට්ස්ඇප් (Whatsapp) යෙදවුමට නවතම හඳුන්වා දීමක් එක් කර තිබෙනවා.

ඒ අනුව, වට්ස්ඇප් යෙදවුම හරහා කිසියම් පුද්ගලයෙකුට යැවූ පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත යළි සංස්කරණය (Edit) කර යැවීමේ හැකියාව ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ (22) මෙටා (Meta) සමාගම හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් ෆේස්බුක් (Facebook) හරහා විශේෂ සටහනක් ද තබා තිබේ.

එම සටහන පහතින්,

මේ අතර Meta විසින් WhatsApp වෙත නව විශේෂාංගයක් පසුගියදා ද එක් කර තිබුණා.

එමඟින් පරිශීලකයින්ට විශේෂිත Chat ලොක් කිරීමට ඉඩ සලසා තිබීම විශේෂත්වයක්.

මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි Meta සමාගම පවසන්නේ.

Chat එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි Meta සමාගම සඳහන් කරන්නේ.

මෙම නව විශේෂාංගය හරහා තම Chat රහසිගතව තබා ගැනීමට අවශ්‍ය පරිශීලකයන් සඳහා අමතර ආරක්ෂාවක් සපයනු ලබයි.

මේ හේතුවෙන් යමෙකු ඔබගේ දුරකථනය අතට ගත්ත ද, ඔවුන්ට ඔබගේ අවසරයකින් තොරව ඔබගේ Lock කර තිබෙන Chat වෙත ප්‍රවේශ වීමට හා ඒවා දකින්නට නොලැබෙනු ඇති අතර, එය වට්ස්ඇප් මගින් ලබාදුන් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන සුවිශේෂී අංගයක් ලෙසයි බොහෝදෙනෙක් පවසන්නේ.

මීට අදාල විශේෂ වීඩියෝවක් ද නිකුත් කර තිබුණා. එම වීඩියෝව පහතින් වේ,



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery