වට්සැප් අලුත් වෙයි.. නව විශේෂාංග 03ක් එක්වෙයි..භාවිතා කරන විදිය මෙතනින් දැනගන්න.

Sri Lanka WhatsApp Sri Lanka Social Media
By Aruna May 08, 2023 06:58 AM GMT
Aruna

Aruna

Report

මෙටා ආයතනය සතුව පවතින වට්සැප් විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව විශේෂාංග තුන වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions)යි.

මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම මෙහි නවතම අනුවාදයක් ස්ථාපිත කළද, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බව සඳහන් වේ.

Polls - තනි-ඡන්ද ගණනය කළ හැකි විකල්පයක්. මේ හරහා යම් කරුණු වලට අදාළව නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද සඳහන් වේ.

Forward media with caption - මෙම නව විශේෂාංගය හරහා සිරස්තලයක් සමඟ තොරතුරු වට්සැප් සඳහා නිකුත් කළ හැකියි. මෙයට ඡායාරූප, වීඩියෝ සහ GIF ඇතුළත් වේ.

Documents with captions - පරිශීලකයින්ට තමන් වෙත ලැබුණු ලේඛනයක් සොයා ගැනීම පහසු කරවීම සඳහා ශීර්ෂ පාඨ සමඟ ලේඛන ඉදිරිපත් කළ හැකිවීම විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery