අයියාගේ හැඳුනුම්පතින් මල්ලී සිසුවියක් හෝටලයකට උස්සයි..පාසල් පෙම්වතුන් ගහපු ගේම මාට්ටුයි.

sinhala gossip sinhala gossip sinhala news gossip lanka sinhala actress sinhala actress gossip news gossip tv new gossip sri lanka sinhala acress
By Aruna Dec 24, 2021 01:04 AM GMT
Aruna

Aruna

Report

අයියාගේ හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාරියක් තබා ගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු උඩුනුවර ළමා රැදවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියම කළේය.

ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක 10 වසර සිසුවකු නගරයේ තවත් බාලිකා පාසලක 10 වසර ශිෂෘවක් මෙසේ හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

මොවුන් මාස 8ක පෙම්වතුන් වන අතර පසුගිය 19 වන දින අතිරේක පන්තියකට යන බව පවසා දෙදෙනාම නාවලපිටිය ප්‍රදේශයේ දිය ඇල්ලකට ගොස් සවස් වන තුරු එහි කාලය ගත කර ඇත.

අනතුරුව එදිනම දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇත.

මෙහිදී පාසල් සිසුවා මෙම ගමනට කලින්ම සූදානම් වී ගමනට මුදල් සොයාගෙන ඇත්තේ ඔන්ලයින් පාඩම් සඳහා මව්පියන් ගෙනදුන් ජංගම දුරකථන රුපියල් 7000 කට විකුණා දමමිනි.

බාලවයස්කරුවන්ට හෝටල් කාමර නොදෙන බව දන්නා මොහු තමාගේ පෙනුම ඇති වැඩිමහල් සොයුරාගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන ඇත්තේ එය එම හෝටල් කාමරයට ලබාදීම සඳහාය.

මේ අයුරින් හෝටල් කාමරය රැගෙන මොවුන් දෙදෙනා එහි නතර වුව ද පාසල් ශිෂ්‍යාවගේ මව එම ශිෂ්‍යාව නිවසට නොපැමිණී බව පවසා දු අතුරුදහන් බවට ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබියදී දින 2කට පසු එම ශිෂ්‍යාව යළි නිවසට පැමිණීම සමග පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමක දී මේ බව හෙළි වී ඇත.

පහළොස් හැවිරිදි මෙම දැරිය දූෂණයට ලක්ව ඇතැයි හෙළිවීම නිසා මෙම සිසුවා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබුණි.

වෛද්‍ය පරීක්ෂණය සඳහා එම ශිෂ්‍යයාව ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now