පිටියට එන්න කලින් ඉන්දීය කණ්ඩායමට අගමැති මෝදි කියපු දේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායමටසිය සුබපැතුම් එක්කර සිටියා.
“කෝටි 140 ඉන්දියානුවන් ඔබ වෙනුවෙන් ඔල්වරසන් දෙනවා. ඔබ දීප්තිමත්ව බැබළේවා, හොඳින් ක්‍රීඩා කර ක්‍රීඩාශීලිත්වයේ ආකල්පය තහවුරු වේවා.” යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය පිළට සුබපැතුම් එක්කර තිබුණා.කුසලාන අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිනයේ එක්වන බවත්. අග්‍රාමාත්‍යවරයාගේ දකුණු අත බවට සැළකෙන ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද මෙම තරගය නැරඹීමට හයිද්‍රාබාද් හි හරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුනා.