නිල ඇදුමට මුවාවී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු අයට වෙච්ජ දේ ?..

Drug
By Thaya Mar 21, 2021 06:41 PM GMT
Thaya

Thaya

Report

යාපනය මාටින් වීදියේදී හෙරොයින් ජාවාරමේ නිරත බන්ධානගාරයක නියාමක වරයකු වටලා රුපියල් 3 60 000 /- වටිනා හෙරොයින් තොගයක් සමගින් සැකකරු යාපනය සුරාබදු නිලධාරීන් ඊයේ (20)අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු බන්ධානාගාර නියාමක වරයකු බවත් 36 හැවිරිදි වියේ පසුවන යාපනය නවන්තුරෛ ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් යාපනය සුරාබදු ස්ථානාධිපති පී.එන් හේමන්ත මහතා පවසයි. සැකකරු කාලයක සිට තම නිලඇදුමට මුවාවී මත්ද්‍රව්‍ය ජාවාරම සරුවට කරගෙන ගොස් ඇති බවත් යුද හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව සැකකරු කොටුකර ගත් බවත් හේමන්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් ග්‍රෑම් 45 ක් තිබු බවත් සුරාබදු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මහේස්ත්‍රාත් නාලිනී කන්දසාමී මහේස්ත්‍රාත්තුමිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතාගේ උපදෙස් මත,යාපනය සුරාබදු අධිකාරී එස් .තංගරාජා මහතාගේ මෙහෙයවිම යටතේ ,යාපනය සුරාබදු ස්ථානාධිපති පී.එන් .හේමන්ත මහතාගේ අධික්ෂණය මත, සුරාබදු පරීක්ෂක එස් .අමිරාජ්,නියාමක 1014 පී.අනෝජන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

GalleryGallery