වෙල්ලස්ස කුමරු ගේ ගල් බංකුව මත සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න.(VIDEO)
හංවැල්ල තානායම් භූමියේ පිහිටි ගල් බංකුවක් මත තිබී පිලිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ සවස මෙම පුද්ගලයා තානායමේ නවාතැන් ගෙන ඇති අතර අද අලුයම 1 පමණ වන තෙක් මත්පැන් පානය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
ඔහු සාලාව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක් බවට ජාතික හැඳුනුම්පත අනුව හඳුනාගෙන තිබෙනවා. නුගේගොඩ අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ හංවැල්ල පොලිසිය මගින් මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම පුද්ගලයාට ගිනි ඇවිලුනේ කෙලෙස ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
ඔහු පිළිස්සී මියගොස් ඇත්තේ වසර 1875 දී මෙරටට පැමිණි වේල්සයේ කුමරු ලෙසට හැඳින්වෙන 7 වන එඩ්වඩ් කුමරු විසින් පරිහරණය කළ ගල් බංකුවක් මත බව සඳහන්.
එඩ්වඩ් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීම සනිටුහන් කිරීම වෙනුවෙන් එම ස්ථානයේ කොස් ගසක් ද රෝපණය කර තිබෙනවා.
හංවැල්ල තානායම් භූමිය පිහිටා ඇත්තේ ඓතිහාසික ඕලන්ද බලකොටුව පිහිටි පුරාවිද්‍යා භූමියේයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |