ණය ගෙවන්න පටන් ගත්තොත් රටට මොක්ක වෙයිද? - මහ බැංකු අධිපති කී දේ මෙන්න.

Report

ශ්‍රී ලංකාව නැවත විදෙස් ණය ගෙවීම ආරම්භ කළ විට රට යළි අර්බුදයකට යා හැකිය යන්න වැරදි මතයක් බවත්, එසේ වෙනවා නම් ණය ප්‍රතිව්‍යූහගතකරණයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

ඊයේ දිනයට වඩා රන් මිල යළි සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ඊයේ දිනයට වඩා රන් මිල යළි සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

“දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට හැම වසරකම විදේශ ණය වශයෙන් foreign currency debt විදියට ගෙවන්න තියෙන්නේ උපරිම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% යි. කලින් තිබුණේ 9.2% ක්. මුල දී අවුරුදු ගණනාවක්ම තියෙන්නේ පොලිය විතරයි ගෙවන්න. ඊට වඩා ගොඩාක් අඩු ප්‍රමාණයක් තමයි ඊළඟ 2027 වෙනකං ගෙවන්න තියෙන්නේ. 2028 ඉඳන් ක්‍රමානුකූලව ඊළඟ අවුරුදු ගාණක් තුළ අර නිර්ණායකයට යටත්ව ගෙවන්න තියෙනවා. එය අපි දකින්නේ සෑහෙන සහනයක් සහ යම්කිසි හොඳ කාලයක් ලැබිලා තියෙනවා අපේ සංචිත ගොඩනඟා ගැනීමට, අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට සහ ආර්ථිකය නැවත ස්ථාවරව ඉදිරියට යාමට අවශ්‍ය මේ කාලය මේ ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් ලැබිලා තියෙනවා.“

''පරාටේ නීතිය යළි ක්‍රියාත්මක විය යුතුයි'' - මහා බැංකු අධිපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

''පරාටේ නීතිය යළි ක්‍රියාත්මක විය යුතුයි'' - මහා බැංකු අධිපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

“එක එක මත මම දැකලා තියෙනවා ප්‍රකාශ කරනවා, නැවත ණය ගෙවීමට පටන් ගැනීම තුළ නැවතත් අපි මේ අර්බුදයට යනවා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. එහෙම වෙනවා නම් ණය ප්‍රතිව්‍යූහගතකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැනේ. ණය ප්‍රතිව්‍යූහගතකරණය අවශ්‍ය වෙන්නේම, ප්‍රතිව්‍යූහගතකරණය නොකර ණය ගෙවන්න පටන් ගත්තේ නම් අපි අනිවාර්යයෙන්ම අර්බුදයකට යන්න වෙනවා. හොකද අපේ සංචිත ඒ තරම් නැහැ. රටට ගෙවන්න ධාරිතාවක් නැහැ. රජයට ඒතරම් ණය ගෙවන්න ධාරිතාවක් නැහැ. ඒක නිසා තමයි ණය ප්‍රතිව්‍යූහගතකරණය කරලා, මේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා, ගෙවීමේ හැකියාව වැඩිකරන ගමන් ගෙවීමට පුළුවන් හැකියාව ශක්තිමත් කරලා, පහසුවෙන් ගෙවන්න පුළුවන් ක්‍රමවේදයකට තමයි යන්නේ. ඒ නිසා ණය නැවත ගෙවීම පටන් ගැනීම තුළින් අර්බුදයකට යනවා කියන කතාව ඒක වැරදි මතයක්. මේ ක්‍රියාදාමය මෙහෙම ගියොත් එහෙම ප්‍රශ්නයකට එන්නේ නැහැ.“



අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්.


You may like this video