අයිස්ක්‍රීම් ලොරියක් කොල්ල කෑ දෙදෙනෙකුට සිදු වු දේ..?

By Sewvandhi Dec 21, 2021 01:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේ දී අයිස් ක්‍රීම් ලොරියක් නවතා එහි තිබූ රුපියල් පනස් හය දහසක මුදලක් හා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ල කා ගෙන ගොස් තිබූ කොල්ලකරුවන් දෙදෙනෙකු  (20) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පැවසීය.

කළගෙඩිහේන වේයන්ගොඩ මාර්ගයේ කළගෙඩිහේන දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ අයිස් ක්‍රීම් ලොරියක් පෙරේදා (19) පස්වරුවේ දඩගමුව ප්‍රදේශයේ දී පිටුපසින් පැමිණි ලොරියක් ඉස්සර කර මග හරස් කර නවතා කොල්ල කරුවන් දෙදෙනෙකු අයිස් ක්‍රීම් ලොරියේ සිටි අයෙකු ළග තිබූ රුපියල් පනස් හය දහසක මුදලක් හා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ල කා ගෙන පලා ගොස් තිබිණ.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යද්දී ලද තොරතුරකට අනුව ඊයේ (20) පස්වරුවේ යක්කල ප්‍රදේශයේ දී කොල්ල කරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය කීය.

මොවුන් ගෙන් එක් අයෙකු යක්කල ප්‍රදේශයේත් අනෙක් කොල්ල කරු වරකාපොල ප්‍රදේශයේ බවත් පරීක්ෂණ වලදී හෙළි වී ඇති බවත් මොවුන් ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ල කා ගෙන ගොස් තිබූ ජංගම දුරකථනය සොයා ගත් නමුත් මුදල් සහ කොල්ලයට යොදා ගන්නා ලද ලොරිය සොයා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යන බවද කියා සිටියේය. අ

යිස් ක්‍රීම් ලොරිය ඉදිරියට පදවා ගෙන යද්දී කොල්ලකරුවන් දෙදෙනා පිටුපසින් ලොරියකින් පැමිණ ඉස්සර කර නවතා අයිස් ක්‍රීම් ලොරිය ඔවුන්ගේ ලොරියේ හප්පා පැමිණි බවට අවට සිටි ජනයා නොමග යැවීම සඳහා බොරු රගපෑමක් කර මුදල් හා ජංගම දුරකථනය කොල්ලකා ගෙන ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න, උප පොලිස් පරීක්ෂක වරුන් වන එච් ආර් ඇන් පද්මසිරි හා වීරසිංහ යන මහත්වරු ප්‍රමූඛ පොලිස් නිලධාරීහු පිරිසක් කොල්ලකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට සහභාගි වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now