අද කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීම්

Corona virus Sri lanka covid 19
By Sithumi Oct 29, 2021 12:28 PM GMT
Sithumi

Sithumi

Report

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. 

එම බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දන්වා තිබේ. ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි වැසි ද ඇතිවිය හැක. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට එම දෙපාර්තමේන්තුව දැනුම්දේ.