තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Sri Lanka Crime Branch Criminal Investigation Department Crime
By Sithumi May 07, 2023 04:02 PM GMT
Sithumi

Sithumi

Report

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහා නාවික යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව, ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධන වී පසුව සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව සඳහන් වනවා.

මෙම නිවේදනය හෙට (08) පස්වරු 3 දක්වා බල පැවැත්වෙන අතර මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 5-10ත් අතරල නැගෙනහිර දේශාංශ 90 – 100 අතර සහ උතුරු අක්ෂාංශ 1 – 4 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙසයි

එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ. එමෙන්ම මෙම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.