දන්සැල් පවත්වන අයට රතු එළියක්..වහාම මේගැන දැනුවත් වන්න..
Vesak Full Moon Poya
Sri Lanka
Ministry of Health Sri Lanka
By Aruna
දන්සැල් පවත්වන ස්ථානවල කසළ නිසි පරිදි බැහැර නොකරන ඒවායෙහි සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
පළාත් පාලන ආයතනවල ද සහාය ලබාගනිමින් දන්සැල් පැවැත්වූ ස්ථාන අද දිනයේ ද පරීක්‍ෂාවට ලක් කරන බවයි එම සංගමයේ ලේකම් එස් අයි බෝපිටියගේ පැවසුවේ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස් අයි බෝපිටියගේ කියා සිටියේ, අපද්‍රව්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දන්සැල් සංවිධායකවරුන්ට ලබා දී ඇති බවයි.
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර තිබූ බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |