වතුර වළකට වැටී ස් හැවිරිදි දරුවෙක් මරුට

By Gagana Dec 13, 2021 05:23 AM GMT
Gagana

Gagana

Report
Courtesy: lankadeepa

ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරි වළකට වැටී පස් හැවිරිදි පෙරපාසල් දරුවෙකු මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස පදිංචි එස් ආකාෂ් සංජය නැමති පෙරපාසල් දරුවෙකි දරුවා රෝහලට ඇතුළු කරන විට මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මරණයට පත් දරුවා වැලිපෑලැස්ස ප්‍රදේශයේ පෙර පාසලක පූර්ව ළමා අධ්‍යාපනය ලබන දරුවෙක් බවත් පොලීසිය පවසයි.

මරණකරුගේ නිවස පිහිටි ඉඩමේ නිවසට යාබදව වැසිකිලියට අවශ්‍ය වලක් කපා එය ගලෙන් බැඳ නිමකර ඇතත් එහි බිම්මට්ටමේ කොන්ක්‍රීට් වැස්ම සවිකර නැතිබව පොලීසිය පවසයි.

මෙය නිම කිරීමට නොහැකිව ඇත්තේ පසුගිය කාලය පුරාවට දිගින් දිගටම වර්ෂාව ලැබුණ නිසාවෙන් බව මිය ගිය දරුවාගේ පියා සඳහන්කර තිබේ. මේ හේතුවෙන් එම වැසිකිලි වලේ වතුර පිරී තිබූ බවද පැවසේ.

ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා එකවර අතුරු දහන් වීම හේතුවෙන් සිය අසල් වාසීන් සමග එක්ව සොයා බැලීමේදී අසල් වැසියෙකුට දරුවාගේ ශරීරය වතුර පිරි වලේ තිබියදී හමුවූ බව මව විසින් පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.

ඒ අනුව අසල්වාසීන්ගේ සහයෝගයෙන් මෙම දරුවාව හලාවත රෝහලට ඇතුලත් කර ඇත. මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් හලාවත රෝහලේදී පැවැත්වීමට නියමිත බව පොලීසිය පවසයි.

ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් ජයවීර  ඇතුලු නිළධාරීන් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.   

(ලලිත් නවරත්න)