එක්දින ජයග්‍රහණයෙන් පසු විස්සයි20 කිරුළත් අපේ ක්‍රීඩිකාවන්ට

Report

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් මෙම විස්සයි20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

සිල්හෙට්හිදී අද (30) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්වේ

ඉනිමේදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 49ක්ද, චමරි අතපත්තු ලකුණු 42ක්ද ලබා ගනිමින් සාර්ථක පිතිහරඹයක නිරත වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.

පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ කවීෂා දිල්හාරි ලකුණු 15කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. එමෙන්ම බංග්ලාදේශ ඉනිමේ කඩුලු කිහිපයක් දුවද්දී දැවී යාමද තරගයේ විශේෂත්වයක් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ 2–0 ලෙස පෙරමුණ ගනිමින් ජය තහවුරු කරගත්තේය.

මෙයට පෙර පැවති එක්දින තරගාවලියද 2–1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීමත් සමඟ, මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් දස්කම් දැක්වීමට සමත් වී ඇත.

දවස ජයගන්න අනුගමනය කළ යුතු උපදෙස් ටික මෙන්න.. දවසේ ලග්න පලාපල

දවස ජයගන්න අනුගමනය කළ යුතු උපදෙස් ටික මෙන්න.. දවසේ ලග්න පලාපල