අරක්කු බී යතුරු පැදිවලින් ගිය කාන්තාවන් හතරක් අල්ලයි

By Mithu Apr 30, 2026 12:08 PM GMT
Report

මත්පැන් පානය කර යතුරුපැදි පදවාගෙන ගිය කාන්තාවන් සිව් දෙනෙකු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් හොරණ සහ ගෝනපොල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26ත් 29ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

ඉරානයේ උත්තරීතර නායකයා කට අරී - ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් ආරක්ෂා කරන බවට ප්‍රකාශයක්

ඉරානයේ උත්තරීතර නායකයා කට අරී - ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් ආරක්ෂා කරන බවට ප්‍රකාශයක්

පොලිස් වාර්තාවලට අනුව, මෙම පිරිස හොරණ, රෙමුණ බැල්ලපිටියේ පිහිටි ආඳාදොලේ දිය නෑමට ගොස් මත්පැන් පානය කර ඇති අතර, ආපසු නිවෙස් බලා යතුරුපැදිවලින් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවකදී අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් කාලයක් තිස්සේම මෙලෙස මත්පැන් පානය කර යතුරුපැදි ධාවනය කිරීමට පුරුදු වී සිටින, මත්පැන්වලට ඇබ්බැහි වූ පිරිසක් බවට පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කළොත් වැඩ වරදී - නුසුදුසු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට දඩ

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කළොත් වැඩ වරදී - නුසුදුසු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට දඩ