මේ අය රට යනවනම් විශේෂ නියාමනයක් අවශ්‍යයි

Report

භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය දැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, මින් ඉදිරියට භික්ෂූන් වහන්සේ නමක් විදේශගත වන්නේ නම් සිය ගුරු හාමුදුරුවන්, ප්‍රාදේශීය නායක හාමුදුරුවන් සහ අදාළ නිකායේ මහානායක හිමිවරුන්ගේ නිර්දේශ ලබා ගැනීම අනිවාර්ය වනු ඇත.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙම නීතිය මීට පෙර පැවතියත් පසුගිය කාලයේ එය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවයි.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නිවාස - මැයි අවසානයට පෙර - ජනපතිගෙන් නිවේදනයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නිවාස - මැයි අවසානයට පෙර - ජනපතිගෙන් නිවේදනයක්

මත්ද්‍රව්‍ය රැගෙන ගිය චීවරධාරීන් 22 දෙනෙකු සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ රජය මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර, විහාර දේවාලගම් ආඥාපනතේ 41 සහ 42 වගන්ති කඩිනමින් සංශෝධනය කිරීමට ද අවධානය යොමු වී ඇත.

එමගින් විනය විරෝධී ක්‍රියාවල නිරත වන චීවරධාරීන්ට එරෙහිව කටයුතු කිරීමේ බලය මහානායක හිමිවරුන් ප්‍රමුඛ මණ්ඩලයකට පැවරීමට නීතිපතිවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය සාකච්ඡා කර තිබේ.

මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට

මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට