කලුතර ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ ගින්නක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලුතර ප්‍රාදේශීය කාර්යාලයේ අද (30) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
අදාළ ගින්න කාර්යාලයේ දෙවන මහලේ පිහිටි පරිගණක දත්ත පද්ධතිය අඩංගු කොටසකින් ආරම්භ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ගින්නට හේතුව හෝ සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු හෙළිවී නොමැති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.
කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් මේ වනවිට ගින්න පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටී.