වැලිගම සභාපති ඝාතකයා හිතුමතේ ජීවිතේ නමින් අතේ පච්චෙකුත් ගාලා - අයිස් හොයාගෙන ආපු ගමනේ පොලිසියට මාට්ටු වෙලා
ඔහුව අත්අඩංගුවට ගැනීමේදී අනාවරණය වූ කරුණු රැසකි. ඒ අතර මෙම වෙඩිකරු තවත් වෙඩි තැබීම් හයකට පමණ සම්බන්ධ බව පොලිසිය අනාවරණය කරයි.
එමෙන්ම ඔහුට ඩුබායි සිටින රජිත නමැති තැනැත්තකු විසින් රුපියල් ලක්ෂ පහළොවක් ලබා දුන් බවත් එම ලක්ෂ පහළොවට අදාළව මෙම ඝාතනය සිදු කළ බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කර තිබේ.
එමෙන්ම ඩුබාහි රැඳී සිටින රජිත නැමැති මෙම පුද්ගලයා ඔහුව සම්පූර්ණයෙන්ම මෙහෙය වූබවත් ඔහුට පලා යාමට මාර්ග පවා කියා දුන්නේ ඔහු බවත් අනාවරණය වේ. ඩුබායි රාජිත ලබා දුන් උපදෙස් අනුව සැකකරු කැකියාවේ සිට බස් රථ කීපයකට මාරු වෙමින් කොළඹ කොටුවට පැමිණ තිබේ.
.ඒ පැමිණෙන විට ඔහුට දැඩිව අයිස් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් මතු වී ඇති අතර පිටකොටුවේ සිට අයිස් මත් ද්‍රව්‍ය සොයාගෙන බොරැල්ල සහසපුරයට ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වේ.
එමෙන්ම වෙඩික්කරු දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ගිනි අවියකින් ඉලක්කයකට වෙඩි තැබීමට ඔහු විසින්ම පුරුදු පුහුණු වූ අයෙක් බවත් ඔහු පහ ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලැබූ අයෙක් බවත් සඳහන් වේ.
එමෙන්ම මෙම සැකකරුගේ බිරිඳ බව කියන සැකකාරිය සතුව රුපියල් ලක්‍ෂ දොළහකට අධික මුදලක් පැවැති බවට සඳහන් වේ.
එමෙන්ම සැකකරුගේ දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙසද වම් අතේ “හිතුමතේ ජීවිතය” ලෙසද පච්චයක් සලකුණු කොට ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.