රට පුරා ලක්ෂ 32 කට වැඩි පිරිසකට සුභසාධක දීමනා දෙන විදිය ගැන දැනුම්දීමක්..

Government Employee Sri Lanka Economy of Sri Lanka
By Aruna Apr 12, 2023 04:46 AM GMT
Aruna

Aruna

Report

සුභසාධක ගෙවීම් සිදුකිරීම ලබන ජූනි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නිවාස ඒකක තිස්දෙලක්ෂයකට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු අවසන් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා, "ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්ගේ ලැයිස්තුව හදාගන්නවා.

ඒ ලැයිස්තුව හදාගත්තට පස්සේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ග්‍රාම නිලධාරී කාර්යාල මට්ටමින් ප්‍රදර්ශනය කරනවා.

ඒ ප්‍රදර්ශනය කරන්නේ, පනතේ විධිවිධාන අනුව අභියාචනා සහ විරෝධතා සඳහා අවස්ථාවක් ලබාදිය යුතු හින්දා.

ඒ අනුව දවස් 10ක කාලයක් අභියාචනා සහ විරෝධතාවලට කාලය ලබාදෙනවා.

එසේ ලැබෙන විරෝධතා සහ අභියාචනා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා විසින් පත්කරනු ලබන ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභියාචනා සහ විරෝධතා පරීක්ෂා කිරීමේ අභියාචනා විරෝධතා කමිටුව විසින් පිළිගෙන සොයාබලා සුබසාදක පත්‍ර දාපු මණ්ඩලයට නිර්දේශයක් කරනු ලබනවා.

ඒ නිර්දේශය කිරීමෙන් පසු අපි ලබන ජුලි මාසයේදී දීමනා ගෙවීමට සැලසුම් කරලා තියෙනවා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now