ඉතිහාසයේ වටිනාම දෑවැද්ද දකුණේ තරුණයෙකුට..! සියල්ලන් පුදුම කරමින් මනමාලිගේ පාර්ශ්වයෙන් ලැබුණු දේ..
දකුණු පළාතේ ප්‍රධාන නගරයක හෝටලයක පැවැත් වූ මංගල උත්සවයකි. මනාලයා දකුණු පළාතේ විදුහල්පතිවරයකුගේ පුතෙක් විය. අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ පුටු මෙන්ම තවත් ඉහළ තනතුරු රැසක්ද මංගල උත්සවයට සහභාගී විය.
මධු සමය ගතකර නව යුවල හෝටලයේ උත්සවශාලාවට ළඟා වූයේ සිනහ පිරුණු මුහුණෙනි. දෙපාර්ශවයේ නෑදෑයෝ අල්ලාප සල්ලාපයේ යෙදුණ අතර තවත් තැනක මධුවිතද සූදානම් කෙරුණි.
මධුවිත ද මිල ඉහළ වර්ගවල ඒවා වූ අතර තරු පන්තියේ නිලධාරීන්ට එක් ස්ථානයකද අනෙක් නැදෑ මිතුරන්ට තවත් ස්ථානයකද සූදානම් කර තිබිණ. දිවා ආහාරයෙන් අනතුරුව මංගල උත්සව සභාව ආරම්භ විය.
දෙපාර්ශවයම කථිකයෝ මනාලයාගේ සහ පවුලේ අයගේත් මනාලියගේ සහ පවුලේ අයගේත් බල පුළුවන්කාරකම් ගැනත් වත් පොහොසත්කම් ගැනත් උජාරුවට කතා කළහ.
ඉන්පසු පැමිණියේ මනාලියගේ පාර්ශවයෙන් ගෙනෙන ලද දෑවැද්ද මනාලයාගේ පාර්ශවට බාර දීමයි. ඒ අනුව ලොරියක ගෙනැවිත් තිබුණු ඇඳන් පුටු මේස, අල්මාරිය ඇතුළු තවත් භාණ්ඩ රැසක් අතර තවත් එක් සුවිශේෂි දෑවැදි භාණ්ඩයක්ද විය.
කාගේත් අවධානය යොමු වූයේ ඒ දෙසටයි. මනාලියගේ පාර්ශවයෙන් පැමිණි ඥාතියෙක් ලොරියට ගොඩවී ගෑස් සිලින්ඩරයක් ගත්තේය. “මේන්න මේ ලෝකේ ලැබෙන වටිනාම දෑවැද්ද” කියමින් එහි සිටි අයෙක් මහ හඬින් කීවේය.
“ඕකේ ගෑස් තියෙනවද බලන්න. දැන් කොහේවත් ගෑස් ගන්න නැහැ.” මධුවිත තරමක් වැඩිපුරගෙන සිටි අයෙක් කෑගසන්නට විය. සියල්ලෝම සිනානගන්ට වූ අතර මනමාලයාද හොඳ හැටි සිනාසුනේ සිහිය විකල්වූ කෙනෙකු ලෙසය. (උපුටා ගැනිමක්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |