විවාහ මංගල්‍ය උත්සවයක් නිසා උසාවියක් වැසෙයි..ජනතාව දැඩි පීඩාවට ලක්වෙයි..
අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණය වසා දැමීම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01 වැනිදා) මහත් අසීරුතාවට පත්වූ බව වාර්තා වනවා.
එම අධිකරණයේ රාජකාරී කරන සියලුම දෙනා යතුරු ලේඛිකාවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන අයුරු දක්නට ලැබුණා.
අදාළ අධිකරණ ශාලාව ඉදිරිපිට ‘‘අද දින අංක 06 අධිකරණයේ මෝසම් නඩු නොකැඳවන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි.
අධිකරණයේ අණ පරිදි’’ යනුවෙන් සඳහන් දැන්වීමක්ද අලවා තිබෙනු දක්නට ලැබිණ.
මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර්ගෙන් කළ විමසීමේදී ඔහු දන්වා සිටියේ අංක 6 අධිකරණයේ කාර්යය මණ්ඩලය නිවාඩු දමා විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් තිබෙන බව දන්නා බවයි.
සාමාන්‍යයෙන් උදෑසන 09 ට පෙර අධිකරණය වෙත මෝසම් ගොනු කළ යුතු වුවත් මෙම තත්ත්වය හේතුවෙන් පෙරවරු 11 දක්වා මෝසම් ගොනු කිරීමට නීතිඥවරුන්ට ඊයේ අවස්ථාව දී තිබිණි.
එම අංක 06 අධිකරණයේ මෝසම් නඩු අංක 02 අධිකරණය හමුවේ ඊයේ දහවල් කැඳවනු ලැබිණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |