කොරෝනා සහ මංගල උත්සව අතර යළිත් ප්‍රශ්ණයක්..

Covid Sri Lanka Wedding Channa jayasumana
By Aruna Oct 25, 2021 03:24 AM GMT
Aruna

Aruna

Report

විවාහ මංගල උත්සව වල මත්පැන් පානය කරන ස්ථානවලදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

ඉකුත් කාලසීමාවේදී එවැනි ස්ථානවල සිටි පුද්ගලයින් රැසක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370 ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ කටුනායක ගුවන් තොටුපළට ලගා වූ කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බවයි.

මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසුව, ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර තිබුණා.

අනතුරුව, එම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි එම සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.