නව වසරේ උදාව සමඟින් 2න් පස්සේ මේ පළාත්වල අද තත්ත්වය මේකයි
අද(01) දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන ලෙසට නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එසේම මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.
උතුර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති වෙයි.
එසේම සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.