ආවද ගියාද කියලා බලන්නේ නැතුව ලක්ෂ ගාණක නිවාඩු පඩි - රජයේ ආයතනයේ අලුත් අක්‍රමිකතාව මෙන්න

Report

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සේවයේ නිරත නිලධාරීන් තිදෙනෙකු සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම් හා පිටවීම් සනාථ කිරීමකින් තොරව නිවාඩු දින වැටුප් ලෙස රුපියල් එක්ලක්ෂ හතලිස්තුන්දහස් තුන්සිය අසූතුන් (143,383) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.

2024 වර්ෂයට අදාළ මෙම විගණන වාර්තාවේ මෙම අනීතික ගෙවීම් පිළිබඳ අඩුපාඩුවක් ලෙස සටහන් කර ඇති අතර, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම් හා පිටවීම් වේලාවන් මුල් කරගෙන වැටුප් ගෙවීම් සිදුකළ යුතු බව විගණකාධිපති කාර්යාලය නිර්දේශ කර තිබේ.

ගම්මන්පිලෙන් බෝම්බයක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කුමන්ත්‍රණය පරද්දන්න සජිත්ට රන් අවස්ථාවක්

ගම්මන්පිලෙන් බෝම්බයක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කුමන්ත්‍රණය පරද්දන්න සජිත්ට රන් අවස්ථාවක්

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව විගණනයට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, ඇතැම් අතුරු මාර්ග අධීක්ෂණ කටයුතුවලදී ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම් හා පිටවීම් සටහන් කිරීම අපහසු බවයි.

මෙම සිදුවීම ප්‍රාදේශීය සභාවේ වැටුප් කළමනාකරණයේ විනිවිදභාවය සහ වගවීමේ ගැටලුවක් ලෙස විගණකාධිපති වාර්තාවේ ඉස්මතු කර ඇති අතර, රාජ්‍ය මුදල් අපතේ යාමක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට