ඇමති විජිතගෙන් අගමැතිනියට අවසන් ගෞරව
අභාවප්‍රාප්ත බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා ෂියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඩකා හි පිහිටි BNP සභාපතිනියගේ කාර්යාලයේ තබා ඇති ශෝක පොතෙහි ද අත්සන් කර ඇත.
එමෙන්ම විජිත හේරත් අමාත්‍යවරයා හිටපු අගමැතිනියගේ පුත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන සභාපති තාරික් රහ්මාන් ද හමු වී ඉන් අනතුරුව හිටපු අගමැතිනියගේ අභාවය පිළිබඳව පවුලේ සාමාජිකයන්ට සහ බංග්ලාදේශ ජනතාවට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය අමාත්‍යවරයා විසින් පළ කරනු ලැබුවේය.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර අමාත්‍ය විජිත හේරත් අද (01) දිනයේ දී බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මොහමඩ් යූනුස් ඇතුළු ඉහළ පෙළේ නායකයන් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතව ඇත.