T20 ලෝක කුසලානයට ඔස්ට්‍රේලියාවෙන් තාවකාලික සංචිතයක් නම් කරයි

Report

2026 වසරේදී පවත්වන්නට නියමිත එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තාවකාලික සංචිතයක් ඔස්ට්‍රේලියාව අද (1) ප්‍රකාශයට පත් කර තිබේ.

එම කණ්ඩායම මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුත්ත වේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධයට ලක්ව සිටීම හේතුවෙන් මෙලෙස තාවකාලික සංචිතයක් නම්කර තිබේ.

ඒ අනුව ආබාධ තත්ත්වයෙන් සුවය ලබා සිටින පැට් කමින්ස්, ටිම් ඩේවිඩ් සහ ජොෂ් හේසල්වුඩ් ඇතුළුව ක්‍රීඩකයන් 15ක සංචිතයක් මෙ අයුරින් නම්කර තිබේ.

ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි පවසා සිටියේ සංචිතය ප්‍රකාශයට පත්කරමින් ආබාධිත ක්‍රීඩකයින් සුවය ලබමින් සිටින බවත්, ඔවුන් ලෝක කුසලානය සඳහා නියමිත වේලාවට සුදුසු තත්ත්වයට පත්වනු ඇති බවයි.

ලෝක කුසලානයට යන 19 පහළ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ලෝක කුසලානයට යන 19 පහළ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියේ ප්‍රධානම ක්‍රීඩකයෙක් වූ වූ මිචෙල් ස්ටාර්ක් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් ඇති හෙයින්, ඔහු වෙනුවට වමත් වේගපන්දු යවන්නෙකු මේ දක්වා තෝරාගෙන නොමැති බවද වාර්තා වේ.

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

තවද ස්පෙන්සර් ජොන්සන්ද ආබාධයකට ලක්ව තිබේ ඒ හේතුවෙන් සේවියර් බාට්ලට් සංචිතයට ඇතුළත් කර ඇත.

2026 T20 ලෝක කුසලානයට නම්කළ ඔස්ට්‍රේලියානු තාවකාලික සංචිතය මෙලෙසයි.

මිචෙල් මාෂ් (නායක), සේවියර් බාට්ලට්, කූපර් කොනොලි, පැට් කමින්ස්, ටිම් ඩේවිඩ්, කැමරන් ග්‍රීන්, නේතන් එලිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මැතිව් කුහ්නමන්, ග්ලෙන් මැක්ස්වෙල්, මැතිව් ෂෝර්ට්, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සැම්පා