ජනතාවගේ බලය ආපහු දෙන්න - සජබ පළාත් සභා මැතිවරණයක් ඉල්ලයි
අලුත් අවුරුද්දේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටී.
මෙම වසරේ පළාත් සභා මැතිවරණය සඳහා තම පක්ෂය සම්පූර්ණයෙන් සූදානම් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
එසේම, 2026 දී විපක්ෂ පක්ෂ අතර එකමුතුවක් ගොඩනැඟීමටත් තමන් කටයුතු කරමින් සිටින බව ඔහු ඉඟි කළ අතර, එමගින් විපක්ෂයේ බලය තහවුරු කිරීමට අවශ්‍ය පදනම සකස් වනු ඇති බවද පැවසීය.
පළාත් සභා මැතිවරණය දීර්ඝ කලක් මගහැරීම නිසා පළාත් පාලනයේ ගැටලු රැසක් මතුව ඇති බවත්, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මැතිවරණය අත්‍යවශ්‍ය බවත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.