අදත් රට පුරා ප්‍රදේශ රැසකට තද වැසි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් සිටින්න..

TN Weather Weather
By Aruna Oct 09, 2023 01:34 AM GMT
Aruna

Aruna

Report

අද(09) නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

නැගෙනහිර,ඌව,මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි ,එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අනුව, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක වැසිද ඇතිවිමේ හැකියාව ඇති බවයි සඳහන් වන්නේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ReeCha