කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි විමසිල්ලෙන් ඉන්න..

Matara Sri Lanka Western Province TN Weather Weather
By Aruna Jun 11, 2023 06:04 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මේ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වේ.

ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අතර තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now