ඉදිරි පැය 24 තීරණාත්මකයි..හදිසි දැනුම්දීමක්..

Sri Lanka Weather
By Aruna May 14, 2023 06:59 AM GMT
Aruna

Aruna

Report

මධ්‍යම - නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මෝඛා" සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වන බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවතුණි.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් - 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180 - 190 පමණ වන අතර විටින් විට පැ.කි.මී 210ක් පමණ විය හැකිය.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් - 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දී ඇත.

දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now