ඊයේ රාත්‍රී අහසේ දුර්ලභ දෙයක් සිදු වෙයි.. වසර 40කට වරක් සිදුවන දෙයක්..
Sri Lanka
Weather
By Aruna
පෘථිවිවාසීන්ට ග්‍රහලෝක පහක් එක පෙළට දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඊයේ (28) රාත්‍රියේ උදා වුණා.
ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ යුරේනස් බටහිර අහසේ සූර්යා බැසයාමෙන් පසු දැකගත හැකිවූ බවයි නාසා ආයතනය පැවසුවේ.
නැඟ එමින් පවතින චන්ද්‍රයා ආසන්නයෙන් බුද ග්‍රහයා දැකගත හැකි අතර, ඉතාමත්ම දීප්තියෙන් බ්‍රහස්පති ග්‍රහයා ද දිස්වී තිබිණි.
එමෙන්ම මන්ද දීප්තියකින් යුරේනස් ග්‍රහ ලොව සිකුරු ග්‍රහයා අසළින් දිස්වූ අතර, තවත් වසර 40 කටවත් මෙවැනි සිදුවීමක් දැකබලාගත හැකි නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
