අදත් ප්‍රදේශ රැසකට වැසි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන්..

Sri Lanka Weather
By Aruna Nov 30, 2022 01:17 AM GMT
Aruna

Aruna

Report

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now