දිස්ත්‍රික්ක 04කට හදිසියේම අනතුරු ඇඟවීමක්..දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka Western Province Southern Province Weather
By Aruna Aug 31, 2022 04:34 AM GMT
Aruna

Aruna

Report

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

මේ අතර පහල වායු ගෝලීය කැළඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බැවින් බස්නාහිර, දකුණ, සබරගමුව,මධ්‍යම හා උව පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now