අද දිවයින පුරා වැසි තත්ත්වයේ වෙනසක්.. එම ප්‍රදේශ මෙන්න
Sri Lanka
Weather
Galle
Hambantota
Western province
Mathara
By Aruna
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.
මේ අනුව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙනු ඇති.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව යි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |