මුහුද මීටර් 03කින් ගොඩට ඒමේ අවධානමක්..මේ ප්‍රදේශ වල අය දැඩි විමසිල්ලෙන්..

Sri Lanka Galle Sea Mathara Puththalam
By Aruna Oct 18, 2021 03:52 AM GMT
Aruna

Aruna

Report

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර දෙකහමාරත් තුනත් අතර අගයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගාල්ල සිට, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා වැඩිවිය හැකියි.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now