අවසන් රන්දෝලි පෙරහැර අද රෑට, බලන්න එන අය වෙනුවෙන් වැඩ ගොඩක්
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) දින රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර ඉකුත් මස 30 වන දින ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් පසු 10 වන දිනය වන අද දින පස්වරුවේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා ප්‍රකාශ කරයි.
එසේම හෙට (09) දින දහවල් පෙරහැර සවස 2.16ට අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයෙන් ශ්‍රී දන්තධාතු මන්දිරයෙන් පිටත්ව, සතර මහා දේවාල පෙරහැර ද කැටුව, ඩී.එස්. සේනානායක වීථිය හා පන්සල පාරේ ගමන්කර, දේව වීථියෙන් රජ වීථියට හැරී සිරිත් ප්‍රකාරව, ශ්‍රී දළදා මාළිගා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට, සවස 4.42ට උතුරු දිශාභිමුඛව පෙරහැර ගෙවැදීමට නියමිතව ඇති බව ද සඳහන් වේ.
එසේම මහනුවර ඇසළ මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් සඳහා අද දිනයේද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇතිබව දුම්රිය සාමානය්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.
තවද පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර සඳහා ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර ඇත.
මේ යටතේ මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මඟපෙන්වීම හා රථ වාහන ගාල්කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙන බව වාර්තා වේ.