බොරැල්ලේ වෙඩිල්ලෙන් තුවාල ලැබූ තරුණයන් තුන්දෙනෙක්ට අසාධ්‍යයි
බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටිය දී වෙඩිවැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය මේ වන විට බරපතළ බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉන් එක් තරුණයෙකුට ගැඹුරු තුවාල සිදුව ඇති නිසා දැනටමත් ඔහුව සැත්කමකට භාජනය කර ඇති බව ප්‍රකාශ කර ඇත.
මේ අතර බරපතළ තුවාල ලැබු තිදෙනාම දැනටමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු සඳහන් කළා. එසේම වෛද්‍යවරයා කියා සිටියේ තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
තවද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තරුණයින් තිදෙනාට ඉදිරියේ දී තවත් සැත්කම්වලට භාජනය කළ යුතු වෙනු ඇති බවත් පැවසූ රුක්ෂාන් මහතා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිශ්චිතව දැනට පැවසිය නොහැකි බව ද සඳහන් කළා.
ඊයේ රාත්‍රියේ(7) බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් තරුණයෙක් මිය ගොස් තිබෙනවා.
ඒ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර තැබූ වෙඩිතැබීම හේතුවෙන්. පොලීසිය සඳහන් කළ්‍රේ එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර තිබෙන අතර වෙඩි තැබීමෙන් පසු අඳාළ වෙඩික්කරුවන් පළා ගොස් ඇති බවයි.
ඒ අනුව එම වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තුවාලකරුවන් අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු බව සඳහන්.