කුෂ් කිලෝ 10ක් එක්ක දෙදෙනෙක් මාට්ටු, එක් අයෙක් පාස්කු සැකකරුවෙක්ගේ ඉඩම් බලාගන්නෙක්
රුපියල් බිලියනයකට වඩා වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් 6 වෙනි දින සවස් කාලයේ ගොතටුව පොලිස් වසමේ මානිගමුල්ල ප්‍රදේශයේ දී හා කඩුවෙල දක්ෂිණ අධිවේගී පිවිසුම අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරු මත වැටලීමක් සිදුකර තිබෙනවා.
මෙම වැටලීමෙදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 154ක්, ජංගම දුරකථනයක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂයක මුදලක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
එසේම තවත් සැකකරුවෙක් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 106ක්, කාර් රථයක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 150,000ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන ගොතටුව පොලීසියට ඉදිරිපත් කර තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35ක් හා 64ක් වන ගොතටුව හා කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
මේ අතර මෙහි එක් සැකකරුවෙක් 2021 වර්ෂයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන අවුරුදු 01 යි මාස 08ක් රැඳවුම් නියෝග මත සිටීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නිදෝස්කොට නිදහස් කර ඇති අයෙක් බවට හෙළිව ඇති බවද පවසයි.
එසේම අඳාළ පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයෙකුගේ ඉඩම් බලාගන්නෙක් වශයෙන්ද සේවය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ලද තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ප්‍රධාන ගොලයෙක් වන 'චප්පා' නැමති අයගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාගත් බවයි.