පෝයට සිල් ගන්න ගිය අඹුසැමි යුවළට මාරක අනතුරක්,දෙදරු පියා ජීවිතක්ෂයට
අද (08) උදෑසන 6ට පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූයේ අනතුරින් තුවාල ලැබු කාන්තාව දැනටමත් හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මෙසේ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔල්වින් ඉංද්‍රසිරි නම් වයස අවුරුදු 75ක දෙදරු පියෙක් බව සඳහන්.
මොරගහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් හොරණ ප්‍රදේශයේ සිට අඟුරුවාතොට ප්‍රදේශයට ගමන් කරමින් සිටින අතරතුර අඟුරුවාතොට දෙස සිට සිල් සමාදන්වීම වෙනුවෙන් ප්‍රදේශයේ විහාරස්ථානයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් හොරණ රෝහල මංසන්ධියෙන් දකුණු පසට හැරීවීමට යාමේදී මෙසේ අනතුරට ලක්ව ඇත.
ඒ අනුව අනතුරින් පසු තුවාල ලැබු අඹුසැමි යුවළ හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය ප්‍රකාශ කරයි.
එසේම අනතුර සිදුවු මොහොතේ වෑන් රථය මියගිය පුද්ගලයා සමග මීටර් 32ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇත.
පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අනතුරට හේතුව වෑන් රථයේ අධික වේගය බවයි.
ඒ අනුව වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.